විමල් අපෙන් සමාව ගනී කියල ඇත්තට ම හිතුවා…! එසේ නොවීම ගැන අපට දුකයි…!

February 15, 2021 at 7:39 pm | by emanisa.lk

තමන් පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව දේශපාලනය නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධන ලේකම් සාගර කාරියවසම් මෙසේ පැවසීය.

“සන්ධානයක් ලෙස සන්ධාන පක්ෂ හැටියට අපි ඉතාම අවංක ගමනක් ඇවිත් තියෙන්නේ. අපේ පක්ෂයේ යටි අරමුණක් කිසිවක් කවදාවත් තියෙලා නෑ.

පසුගිය දිනවල ඇති වූ ප්‍රශ්නයේ දී අපි ඇත්ත වශයෙන්ම අදාළ පාර්ශවයන් ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරයි කියලා හිතුවා. එසේ සිදු නොවීම අපි දුක් වෙනවා ඒකට.

මේ රටට දියුණු කරලා නව බලාපොරොත්තුවක් තබපු මේ 69 ලක්ෂයගේ සහ ඉතිරි ඡන්දායකයින්ට බලාපොරොත්තු ඉෂ්ට කිරීමට ඇප කැපවෙනවා.

අපේ පුද්ගලික බලලෝභිකමවලින් යන න්‍යාය පත්‍රයක් නෙවේ. මේ රට වෙනුවෙන් හා රටේ ජනතාවට ඉටුකර දෙන න්‍යාය පත්‍රයක් ලෙස.

ජනතාවට පොරොන්දු වූ බලාපොරොත්තු සියලු දේ ඉෂ්ඨ කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියටත් ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂයත් ඇප කැප සිටිනවා ජනතාව ඉදිරියේ සපත කරනවා.”

තිලක් තේනුවර
මාධ්‍ය අංශ ප්‍රධානි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස