2005-2007 කාලයේදී මම වැඩ කළේ ආචාර්ය කුමාර රූපසිංහගේ ඉහළ බුද්ධි අංශ නිලධාරියා ලෙසය. කුමාර රූපසිංහ ඒ කාලෙදි ඇමෙරිකාව නොර්වේ සහ ඉන්දියාව සමග එක්ව සටන් විරාම ගිවිසුමට පහසුකම් සැපයීය.
මහින්ද 2005 දී ජවිපෙ සහයෝගයෙන්. ජනාධිපතිවරණය ජයගත්තේය. මහින්ද බලයට පත් වූ පසු සටන් විරාමයට පයින් ගසා මිලිටරි ක්‍රියාන්විතයකට යාමට කුරුමානම් ඇල්ලුවේය. මහින්දගේ සැලසුම කෙසේ හෝ නවත්වන ලෙසට බටහිර රටවල් කුමාර් රූපසිංහ වෙත දන්වා තිබුනි.
බටහිරින් ලැබුණු කොන්ත්‍රාත්තුව ඉටු කරමින් 2007 අයවැය පරාජය කිරීමට කුමාර රූපසිංහ සැලසුම් කළේය. කුමාර් රූපසිංහ ආණ්ඩු පෙරලීම සම්බන්ධයෙන් අනුර බණ්ඩාරනායක, මංගල සමරවීර සහ ජේවීපී සමග සාකච්ඡා කොට එකඟත්වයට ආවේය.
2007 අයවැය විවාදයේදී විමල් වීරවංශ පාර්ලිමේන්තුව අමතන විට ජවිපෙ විපක්ෂයට එනතුරු විජාතික බලවේග ඇඟිලි ගනිමින් සිටියහ. නමුත් විමල් වීරවංශ දැඩි දේශප්‍රේමී ස්ථාවරයක සිටිමින් මහින්දගේ ආණ්ඩුව බිඳ දැමීම රට ජාතිය සහ බෞද්ධ සංස්කෘතිය අනතුරේ හෙලීමක් යයි ප්‍රකාශ කළේය. අයවැය පැරදවීමේ කුමන්ත්‍රණය සිදු නොවුණි.
එපමණක් නොව විමල් පක්ෂය තුළ සිටිමින් බල්ලා නාවනවා සේ අනුර කල්ලියේ සහාය මහින්ද වෙත තැබුවේය. 2008 වන විට අනුර කුමාර පාර්ශ්වය පක්ෂය තුළ බලවත් වූ අතර විමල් පක්ෂයෙන් ඉවත්විය.
පසුගියදා විමල් රණවිරුවන් සැමරීමට කළ උත්සාහයේදී පොලිසියත් සමග ගැටුමක් ඇති ගත්තේය.
අද ඔහු කඩුවෙල පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළේය. සැබැවින්ම ආණ්ඩුව උත්සාහ කළේ විමල් සති අන්තයේදී අත්අඩංගුවට ගෙන දින දෙකක් කූඩුවේ තැබීමටය.
සුජාත ආණ්ඩුවක් කිසි දිනක රණවිරුවන් සැමරීම වරදක් ලෙස දකින්නේ නැත. ආණ්ඩුව ගේමට ගේම ප්‍රතිපත්තිය අනුගමනය කෙළේ නම් කළ යුතුව තිබුණේ විමල් එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමය. නමුත් කොන්ද පණ නැති ආණ්ඩුව කලේ නපුංසක වැඩකි.
සැබැවින්ම විමල් වීරවංසලා නොවන්නට අප මේ කියවන ඉතිහාසය මීට වෙනස්ය. රට දැය සුරකින ප්‍රතිඥාව දී ඇති ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියල්ලන් විමල් එදා කළ සේවයට කෘතඥ පූර්වක විය යුතුය.
කරුණු එසේ හෙයින්, සති අන්තයේදී අත්අඩංගුවට ගෙන දවස් දෙකක් කූඩු කිරීමට සැලසුම් කිරීම නපුංසක වැඩක් නොවේ දැයි මෙම ලියුම්කරු පොලිස් ප්‍රධානියකුගෙන් විමසීමක් කළේය. එය ඉහලින් ලැබුණු නියෝග අනුව කළ බවත් එය පැළවත්තේ වැඩක් බවත් ඔහු කීවේය.
පසු සටහන – 2008 වන විට කුමාරූපසිංහ ලෝක සිතියමින් මකා දැමීමට මට හැකි විය.
Keerthi Ratnayake