විමල්ලාගේ විරෝධය පුස්සක් වෙයි..! යුගදනවි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි..!

March 4, 2022 at 12:14 pm | by emanisa.lk

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ ප්‍රධානත්වෙයන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම් කැඳවා තිබිණි.

පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ පෙත්සම් විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් නොකිරීමට අධිකරණය තීන්දු කළ බවයි.

මෙම පෙත්සම්වලට පක්ෂව විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන කැබිනට් ඇමැතිවරු ද ශ්‍රේෂ්ඨාධිකරණෙට කරුණු දැක්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස