විමල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක්…! හමුදාවේ ගෞරවයට හානි කළ බවට චෝදනා…!

June 2, 2023 at 6:24 pm | by emanisa.lk

ටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව තරුණ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක චමිත් විජේසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

ඒ නවය සැඟවුණු කතාව කෘතිය ඔස්සේ ශ්‍රී ලංකා හමුදාව සහ ඇමරිකානු තානාපතිනිය අතර පැවැති බවට චෝදනා කරන සබඳතාව පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලමිනි.

පසුගිය අරගලය කාලයේ ශ්‍රී ලංකා හමුදාව ජනාධිපතිවරයාගේ අණ නොතකා ඇමරිකානු තානාපතිනියට උවමනා ආකාරයට කටයුතු කළේ යැයි විමල් වීරවංශ සිය කෘතිය මගින් චෝදනා කර ඇතැයි ද චමිත් විජේසුන්දර සඳහන් කරයි.

මෙම චෝදනා මගින් ශ්‍රී ලංකා හමුදාවේ සහ එහි නිලධාරීන්ගේ ගෞරවයට හානි වී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි. මේ නිසා රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය හැකි බවට ද චමිත් විජේසුන්දර අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *