විපක්ෂේ මුළුමනින්ම අනාථයි… තව අවුරුදු ගණනාවක් මාලිමාණ්ඩුව විතරමයි…!

June 22, 2026 at 4:35 pm | by emanisa.lk

තවත් වසර ගණනාවක් සඳහා වෙනත් කිසිදු ආණ්ඩුවක් බලයට පත්වීමේ ඉඩකඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් විපක්ෂය කිසිදු දෙයක් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්ව මුළුමනින්ම අනාථ වී ඇති බවයි.

මේ වන විට රටේ දේශපාලන බලය පවතින්නේ සාමාන්‍ය නිර්ප්‍රභූ පන්තිය සතුව බවද ඔහු අවධාරණය කරයි.

මේ දිනවල අස්වනු නෙළන ගොවීන්ට තම වී අස්වනු විකුණාගත නොහැකි බවට නගන මැසිවිලි පිළිබඳව මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ද ගොවියකු බවත් මේ දිනවල වී අලෙවි කිරීමට තරම් ගොයම් කැපීමක් සිදු නොවන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *