විපක්ෂය මාලිමා මන්ත්‍රීවරුන්ගේ වැටුප් අයිතිය දිනා දෙයි… පැලවත්ත ගිණුමට බැර වූ වැටුප් දීමනා මන්ත්‍රී ගිණුම්වලට…!

October 20, 2025 at 12:49 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවනු ලබන මාසික වැටුප හා දීමනා ඔවුනගේ නමින් ඇති බැංකු ගිණුම් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණ ලිඛිත ඉල්ලීමකට අනුව වැටුප් හා දීමනා ඔවුන්ගේ නමින් ඇති බැංකු ගිණුම් වෙත යොමු කෙරෙන බව එහි නිලධාරියෙකු අනාවරණය කළේය.

මෙතෙක් එම මන්ත්‍රීවරුන්ගේ වැටුප් හා දීමනා පක්ෂයේ පොදු ගිණුමට බැර වූ අතර ඊට විරුද්ධව විපක්ෂය විසින් පසුගිය කාලය තුළය දැඩි විරෝධතාවක් මතුකළේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් දත්ත වලට අනුව දිවයින පුවත්පත වාර්තා කර තිබෙන පරිදි මන්ත්‍රීවරයකුගේ මාසික දීමනාව රු. 54,285 ක්. රුපියල් 10000ක මාසික සංග්‍රහ දීමනාව, රුපියල් 50,000ක දුරකථන දීමනාව, රුපියල් 15,000ක ප්‍රවාහන වියදම් දීමනාව, රුපියල් ලක්ෂක කාර්යාල දීමනාව, රුපියල් 2500 බැගින් වන රැස්වීම් සහ කාරක සභා පැමිණීම් දීමනාව ද ඔවුන් වෙත ලබාදෙනු ලැබේ.

ඊට අමතරව මන්ත්‍රීවරුන් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුව අතර ඇති දුර සලකා ඉන්ධන දීමනාවක් ලබාදෙනු ලැබේ. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ලබන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඩීසල් ලීටර් 419.76 කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *