පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාවට මාලිමාවට ඡන්දය ලබා දුන්නේ එතෙක් සිටි පාලකයන්ට පාඩමක් ඉගැන්වීමට බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.
ඉන් ඔබ්බට ගොස් එය නිවැරදි කර ගැනීම සඳහා එඩිතර විපක්ෂයක් රටට උවමනා බව ද ඔහු සඳහන් කරයි.
තමන් ඉල්ලා සිටින්නේ විපක්ෂය බවත් එය බස් එළවීමට, පියානෝ ගැසීමට, ඒදණ්ඩේ යාමට හෝ ජපන් බසින් කතා කිරීමට අවශ්‍ය දෙයක් නොවන බවත් දිලිත් ජයවීර සඳහන් කරයි.
සර්වජන බලය ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.