විපක්ෂය තරම් බොරු ගජබින්න ඇද බෑ පක්ෂයක් ලොවෙත් නෑ…! – නි. ඇමති හේවගේ…

December 2, 2024 at 3:39 pm | by emanisa.lk

මේ රටේ විපක්ෂය තරම් බොරු ගජබින්න ඇද බෑ පක්ෂයක් නැතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පත්කරගත නොහැකි බෙලහීන විපක්ෂය ඉතාම කුඩා කාරණාවක් පදනම් කරගෙන යම් යම් දුර්මත සමාජගත කිරීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කරයි.

මේ වන විට පාලකයන්ගේ බොහෝ වරප්‍රසාද කප්පාදු කරමින් ඇති බව ද ඇතැම් බලතල ඔවුන් ව්‍යවස්ථාව මගින් සම්මතකරගෙන ඇතැයි ද නි. ඇමැතිවරයා පෙන්වා දෙයි.

විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවත් එය දවසින් දෙකෙන් ආප්ප බානවා මෙන් කළ නොහැකි බව ද නලින් හේවගේ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *