විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනකු ඉතා නුදුරේදීම ආණ්ඩුවට එක්වීමට සූදානම් වන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සඳහන් කරයි.
දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයිද ඔහු කියා සිටියි.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.