විධායක ජනාධිපති ක්‍රමය රටකට අහිතකර ක්‍රමයක් නොවන බවත් ශ්‍රී ලංකාවේ එම ක්‍රමය යටතේ බලය ලබා දීමට හැකියාවක් ඇති මිනිසුන් නැති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
කළුතර දිස්ත්‍රික් සමුළුවේ දී හෙතෙම මෙසේ ද කීවේය.
“පාර්ලිමේන්තුව කේන්ද්‍ර කර ගත් පාලන ක්‍රමයත් විධායකය කේන්ද්‍ර කර ගත්ත පාලන ක්‍රමයත් යන මේ දෙකම ලෝකයේ රටවල තියෙනවා.
අවුරුදු 29ක් අපේ රට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කර ගෙන පාලනය කළා. අවුරුදු 44 විධායක ජනාධිපති ධුරය කේන්ද්‍ර කර ගන පාලනය කර තිබෙනවා. අපේ ජීවිතවල වැඩි ම කාලයක් ගෙවිලා තියෙන්නෙ මේ විධායක ජනාධිපති ක්‍රමයේ පාලනයත් සමඟයි.
මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටේ සංස්ථා, සමාගම්, මණ්ඩල ව්‍යුහයන්වල ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම බිඳ වට්ටලා තියෙනවා.”