ආණඩුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නම් විපක්ෂයට ආකර්ෂණීය සටන් පාඨය ඉදිරියට ගෙනැවිත් ඇත්තේ ජනතාව රැවටීමට බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
ආණ්ඩුව උත්සාහ කරන්නේ පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය මෙන් ජනාධිපතිවරණය ද කල් දමා ආණ්ඩු වෙනසක් කිරීමට පුන පුනා බලා සිටින ජනතාව රැවටීම බව ද හෙතෙම සඳහන් කරයි.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යනු මැතිවරණ කල් දැමීමේ උගුලට හසු නොවන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බව උදය ගම්මන්පිල වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
සිය පක්ෂ කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය. 00726787330