2012 වර්ෂයේ සිට එවකට පැවති රජය විසින් විදේශ තානාපති කාර්යාල යටතේ විදේ සේවා නියුක්ති කාර්යාංශය සඳහා වෙනම ගිණුමක් අරඹා ඇති බවත් ඒ ගිණුම හරහා බරපතළ මුදල් අවභාවිත සිදුව ඇති බවත් විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු විසින් විදේශ කටයුතු, විදේශ සේවා සහ සංචාරක ඇමැති විජිත රහ්රත් මහතා දැනුම්වත් කර ඇත.
මේ ගිණුමේ දැනට රු. බිලියන 21ක මුදලක් තිබෙන බවද වාර්තා වන අතර එය හරිහැටි අධීක්ෂණය නොවන බව ද එම නිලධාරියා ඇමැතිවරයාව පවසා තිබේ. මෙම දැනුම්දීම කර ඇත්තේ ඊයේ (03) පැවති ඉහළ පෙළේ සාකච්ඡාවක දී ය.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලන බව ඇමැති විජිත හේරත් මහතා එම නිලධාරීන්ට පවසා ඇතැයි වාර්තා වේ. කෙසේ වුව ද මේ ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පවසා ඇත්තේ මෙම ගිණුම නිසි අධීක්ෂණයට ලක්වන ගිණුමක් බවටයි.