විදේශ සංචිත බිංදුවේ සිට බිලියන 3.6ට නගී…!

December 23, 2023 at 9:52 am | by emanisa.lk

ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව රට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම දේශපාලඥනයින් ද ජනප්‍රිය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් ඒ සෑම මොහොතකම රටක් ලෙස අසාර්ථකත්වයට පත්වූ බවත් අමාත්‍යවරයා කීය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඩොලරයේ අගය සියයට 11කින් පහළ දැමීමට හැකි වූ බවද අපි මේ වෙනස් කම් කළේ නැතිනම් තවමත් උන්ඩියල් කරන අය ඩොලරයේ වටිනාකම තීරණය කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *