විදේශ විනිමය සොයන්න අලුත් ඉල්ලමක්…! ගංජා නීතිගත කරන යෝජනාව කැබිනට්ටුවට…!

May 14, 2023 at 8:51 am | by emanisa.lk

අපනයනය සහ ඖෂධීය අවශ්‍යතා සඳහා ගංජා වගාව නීතිගත කිරීමට අදාළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට්ටුවට ඉදිරිපත් ඇති අතර ඒ සඳහා කැබිනට්ටුව නිරීක්ෂණ කැඳවා ඇති බව ද වාර්තා වෙයි.

අනතුරුව නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් ඊට අදාළ පනත සකස් කරන අතර ඊට කැබිනට් අනුමැතිය ලද පසු වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව ද දැනගන්නට ඇත.

ගංජා අපනයනයට සහ ඖෂධයක් ලෙස මහා පරිමාණ මට්ටමින් වගා කිරීම සඳහා ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් සුදුසු අයැදුම්කරුවන් තෝරා වාර්ෂික බලපත්‍ර ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත. එම බලපත්‍රලාභීන්ට පමණක් ලැබෙන අවසරය මත ගංජා වගාව ආරම්භ කළ හැකිය.

ගංජා නීතිගත කළ යුතුය යන යෝජනාව කලක පටන් වාද විවාදවලට ලක්වූ අතර පසුගිය කාලයේ මේ ගැන ප්‍රබල හඬක් නැගුවේ රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස