විදේශික විවාහයෙන් ජාතික ආරක්ෂාවට තර්ජන…! විවාහය සඳහා ආරක්ෂක වාර්තාව අනිවාර්යයි…!

December 26, 2021 at 7:37 pm | by emanisa.lk

විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචි කිරීමේදී අවශ්‍ය ලේඛන පිළිබඳව පැහැදිලි කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ විදේශිකයෙකු හා ශ්‍රී ලාංකිකයෙකු අතර විවාහයක් ලියාපදිංචි කිරීමේ දී එම විදේශීය පාර්ශ්වය වෙතින් ලබාගත් පහත සඳහන් ලේඛන මත පදනම්ව විවාහය ලියාපදිංචි කිරීම මෙතෙක් පැවති ක්‍රමය විය.

වලංගු විදේශ ගමන් බලපත්‍රය
සිවිල් තත්ත්වය සනාථ කිරීමේ සහතිකය (අවශ්‍යතාව අනුව දික්කසාද ලියකියවිලි / වැන්දඹු බව සනාථ කිරීමේ ලියකියවිලි)
උප්පැන්න සහතිකය (උපන් දිනය සනාථ කර ගැනීමට අවශ්‍ය වුවහොත් පමණි.)

එහෙත් විදේශිකයින් හා ශ්‍රී ලාංකිකයින් අතර සිදුවන විවාහ ලියාපදිංචි කිරීමෙන් ජාතික ආරක්ෂාවට ඇති වන බලපෑම සහ උද්ගත වියහැකි සාමාජයීය ගැටළු සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවට අනුව විදේශීය පාර්ශ්වය සම්බන්ධයෙන් වූ ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් මගින් පමණක් එවැනි විවාහ ලියාපදිංචි කිරීමට තීරණය වී තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස