විදුලි බිල 50%කින් නංවන්න ලංවිමෙන් යෝජනාවක්… IMF යෝජනාව ස්ථිර කරයි….!

April 30, 2025 at 3:50 pm | by emanisa.lk

එළැඹෙන ජුලි මාසයේ සිට විදුලි ගාස්තුව සියයට පනහකින් පමණ ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර තිබේ.

කෙසේ වුව ද එම යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන ලද බව එම කොමිසමේ නිලධාරියෙක් ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා ද සහභාගි වූ මෙම විශේෂ හමුවකදී ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මෙම යෝජනාව ඉදිරිපත් කර නමුත් ජනාධිපතිවරයාද ඊට කැමැත්තක් නොදැක්වූ බවද හෙතෙම අනාවරණය කරයි.

විදුලිබල මණ්ඩලය පෙන්වා දී ඇත්තේ විදුලි ගාස්තු ඉහළ නොදැමුවහොත් මණ්ඩලය මුල්‍යමය වශයෙන් අස්ථාවර වනු ඇති බවත් විදුලි ගාස්තු ඉහළ දමන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද නිර්දේශ කර ඇති බවත්ය.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගිතා කොමිසම පවසා ඇත්තේ දැනට පවතින මට්ටමේ විදුලි ගාස්තු පවත්වා ගැනීමෙන් මුල්‍ය අස්ථාවරත්වයක් ඇති නොවන බවයි.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය සිව්වෙනි ණය වාරිකය මුදා හැරීමට පෙර විදුලි පිරිවැය නිරූපිත ගාස්තුවක් ප්‍රකාශයට පත් කළ යුතු බව සහ විදුලි බිල සඳහා ස්වයංක්‍රීය මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතු බව දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *