වර්තමාන විදුලි ගාස්තුව සංශෝධනය නොකර ඉදිරි මාස හය සඳහා ක්රියාත්මක කළ යුතු බව විදුලි බල මණ්ඩලය පවසයි.
ලංවිම මෙම යෝජනාව ඇතුළත් සිය විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට යවා තිබේ.
මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්රමවේදය යටතේ මේ වසරේ මාර්තු (21.9) සහ ජුනි (22.5%) මාසවල විදුලි ගාස්තුව අඩු විය.
ඔක්තෝබර් විදුලි සංශෝධනය දෙසැම්බර් දක්වා කල්ගිය අතර එහි දී ලංවීම 6%-11%ත් අතර මුදලකින් විදුලි බිල අඩු කිරීමට යෝජනා කළ ද මහජන උපයෝගීතා කොමිසම එය ප්රමාණවත් නොවන බව පවසා ආපසු හරවා යැවීමට කටයුතු කෙරිණි.
ඊයේ (06) මහජන උපයෝගීතා කොමිසමට සිය යෝජනාවලිය යොමු කරමින් ලංවිම පවසා ඇත්තේ දැනට විදුලි ගාස්තුව අඩු කළ හැක්කේ 1.02%කින් පමණක් බවයි