සියයට 18කින් විදුලි බිල වැඩි කිරීම සුළු හා මධ්‍ය පරිමාන කර්මන්තකරුවන්ට මරු පහරක් බව දේශීය ව්‍යවසායකයන් බලගැන්වීමේ සංවිධානයේ ලේකම් පුෂ්පකුමාර කරුණාරත්න පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙවර විදුලි බිල වැඩි වන්නේ මේ වසරේ තෙවන හෝ සිව්වන වතාවට බවයි.
ඒකක 180ට වැඩි විදුලි බිල් සඳහා ගාස්තුව 18%කින් වැඩි කිරීම නිසා ඍජුවම සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත වසා දමා ඔවුන්ට රජයේ රැකියා ඉල්ලා පාරට බැසීමට සිදුවන බවටද ඔහු අනතුරු අඟවයි.
එහෙයින් මහා බැංකුවේ බිලියන ගණනින් සිදුව ඇති පාඩුව ජනතාව මත නොපටවන ලෙසත් විදුලි බිල වැඩි නොකර රටේ ආර්ථික බර උසුලන කර්මාන්තකරුවන් සහනාධාරයක් ලබාදෙන ලෙසත් පුෂ්පකුමාර කරුණාරත්න ඉල්ලා සිටියි.
බොරු ප්‍රචාරවලට රැවටී ආණ්ඩුවට ඡන්දය ලබා දුන්නද ඍජුවම සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත රජයෙන් බලාපොරොත්තු වූයේ සහන බවත් අද කිසිදු සහනයක් නොමැති බවත් හෙතෙම පෙන්වාදෙයි.