විදුලි බිල වහාම 20%කින් අඩු කරනු…! – PUCSL සභාපති ඇමැතිට දැනුම් දෙයි…

May 8, 2023 at 7:03 pm | by emanisa.lk

විදුලි ගාස්තු අවම වශයෙන් සියයට 20 කින් වහාම අඩු කළ යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ විදුලි ඉල්ලුම අධි තක්සේරු කර පසුගිය පෙබරවාරි මස සියයට 66 කින් විදුලි ගාස්තු ඉහළ දැමූ බව ජනකා රත්නායක පෙන්වා දෙයි.

එම අවස්ථාවේ දී මහජන උපයෝගිතා කොමිසම යෝජනා කළ පරිදි සියයට 35 කින් පමණක් විදුලි ගාස්තු ඉහළ දැමුවේ නම් ජනතාවට මෙතරම් පීඩනයක් ඇති නොවන බවයි, ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස