බිල නොගෙවූ අභයාරාමේ කරන්ට් කපයි..!

December 4, 2023 at 10:20 am | by emanisa.lk

නාරාහේන්පිට අභයාරාමයේ විදුලි බිල රුපියල් එකොළොස්දහසක හිඟයක් තිබීම හේතුවෙන් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පසුගිය 01 වැනිදා එහි විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.

විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විහාරස්ථානයේ නොමැති අවස්ථාවක මෙලෙස විදුලිය විසන්ධි කර ඇති බවත් එය දැන ගත් දායක සභාවේ පුද්ගලයකු හිඟ විදුලිබිල හා දඩය රුපියල් තුන්දහසක් ගෙවා එදිනම විදුලි සබඳතාව ලබාගත් බවත් ආනන්ද නාහිමියෝ සඳහන් කළහ.

මෙම විදුලිය විසන්ධි කිරීම විදුලිබල මණ්ඩලයේ අනුමත නීතිරිතිවලට පටහැනි බැවින් ඒ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන ලෙස උන්වහන්සේ විදුලිබල මණ්ඩලයේ බලධාරින්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.

විදුලිය විසන්ධි කිරීමට පෙර අදාළ පාරිභෝගිකයා දැනුම්වත් කළ යුතු වන අතර හිඟ විදුලි බිල අයකර ගැනීමට රතු නිවේදන නිකුත් කළ යුතු වුව ද ඒ කිසිදු කාර්යයක් මෙම විසන්ධි කිරීමට පෙර සිදුව නොමැත.

එමෙන්ම විදුලිය විසන්ධි කළ හැක්කේ රුපියල් පන්දහසට වැඩි හිඟ බිල් පත් සම්බන්ධයෙන් වුවත් අභයාරාමයේ මෙම හිඟ මුදල විදුලි මීටර් තුනක හිඟයක් බැවින් එහිදී මෙම විසන්ධිය විදුලිබල මණ්ඩලයේ අනුමත නීතිරීති උල්ලංඝනය කිරීමක් බව ද උන්වහන්සේ සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *