විදුලි බිල අඩු වෙන කොට වගේම වැඩි වෙන කොටත් ඒකට පුරුදු විය යුතුයි…! – ඇමති ලාල් කාන්ත….

June 14, 2025 at 12:42 pm | by emanisa.lk

විදුලිය හෝ වෙනත් ඕනෑම භාණ්ඩයකට යන පිරිවැයක් ඇති බවත්, එම පිරිවැය අනුව මිල වෙනස්වන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

වත්මන් ආණ්ඩුවට බලයට පැමිණි විට විදුලි බිල අඩු කළ බවත්, මේ අවස්ථාවේදී විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුව ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

ජනතාවට විදුලි බිල අඩු වන විට මෙන්ම වැඩි වන විට එයට ද පුරුදු විය යුතු බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙරට දේශපාලන සංස්කෘතියේ ද ගැටලුවක් පවතින බවද, විදුලි ගාස්තු අඩු කළ විට පෙනී සිටින බව ද, ගාස්තු වැඩි කළ විට හැංගෙන බව ද, එම දෙකම සිදු නොකළ යුතු ඒවා බව ද ඔහු පෙන්වා දෙයි.

නැවතත් අඩුවෙන අවස්ථාවක් හෝ වැඩිවන අවස්ථාවක් පැමිණිය හැකි බවත්, එම දෙකම දරාගෙන ඉදිරියට යා යුතු බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *