සමගි ජන බලවේග සාමාජික පිරිසක් විදුලි බිල අඩුකර දෙන ලෙස ඉල්ලා සීනිගම දෙවොල් දෙවියන්ට භාරයක් වී තිබේ.
දෙවියන්ට පූජා වට්ටි පූජා කළ පිරිස අනතුරුව පොල් ගැසීමට ද කටයුතු කළේය.
ජනතාව මහත් අසීරුතාවට පත්ව ඇති අවස්ථාවක විදුලි බිල වැඩි කිරීම නිසා ජනතාව කබලෙන් ළිපට වැටී ඇති බවත් වහාම සහනයක් සලසන ලෙසත් පිරිස ඉල්ලා සිටියහ.