ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත අතර ඊට අදාළ කාලසටහනක් අද දිනය තුළ ප්‍රකාශයට පත් කරනු ඇත.
කලාප වශයෙන් වේලාව වෙන්කර මෙම විදුලි කප්පාදුව සිදු කෙරේ. ලංවිම සාමාන්‍යාධිකාරි වසන්ත එදිරිසූරිය පැවසුවේ, නොරෙච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3 අක්‍රීය වීම හමුවේ එම තීරණය ගෙන ඇති බවයි.