විදුලි ඇමැතිගේ ගමේ පාසල් 22ක කරන්ට් කපලා…!

December 20, 2023 at 10:07 am | by emanisa.lk

මාතර කලාපයේ පාසල් 22ක පමණ හිග විදුලි බිල්පත් ලක්ෂ විසිපහක් පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් විදුලි සැපයුම අද (19 ) දින සිට විසන්ධි කොට ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

”මාතර කලාපයේ පාසල් විසි දෙක (22) විදුලිය විසන්ධි කර තිබෙනවා. අද (19 ) දින හිඟ විදුලිපත් ගෙවීමට කලාප කාර්යාලයට මුදල් නොමැති වීම නිසා මෙම තත්ත්වය උදා වී තිබෙනවා.

ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් ගෙවන්න තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක්. එමඟින් බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ දෙමව්පියන් ලවා පාසලේ විදුලි බිල්පත් ගෙවා ගැනීමයි. මේ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි .

කනගාටුවට කරුණ තමයි මේ විදුලිය කපන අමාත්‍ය කාංචන විජේසේකර ඉන්නෙත් මාතර එයාගේ බල ප්‍රදේශය තමයි විදුලිය සන්ධි කරලා තියෙන්නේ මාතර කොටුව ජනාධිපති විද්‍යාලය, උයන්වත්ත ආදර්ශ විද්‍යාලය ,මහමායා බාලිකා විද්‍යාලය, ඇතුළු විද්‍යාලවල මේ වන විට වර්ෂ අවසානයේ නොයෙකුත් උත්සව සහ සංස්කෘතික සංදර්ශන ඇතුළු නොයෙකුත් වැඩසටහන් පැවැත්වෙනවා එම කටයුතු මේ වන විට අඩාල වෙලා.

දැනට රටේ ජනතාවගේ ලක්ෂ හතකගේ විදුලිය විසන්ධි කරලා. පාසල් වලට අත තියලා තියෙන්නේ කුමන්ත්‍රණකාරීව රජයේ වගකීමක් බිල්පත් ගෙවීම රජය බිල්පත් ගෙව්වෙ නැත්නම් රජයෙන් ඉල්ල ගන්නවා මිසක පාසලේ විදුලිය විසන්ධි කරලා හරියනවද? මේ සම්බන්ධයෙන් පිළියමක් නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්න සැරසෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *