විදුලිය බිඳ වැටීමට සේවකයින් වගකිව යුතු නෑ…! අඛණ්ඩ විදුලි සැපයුම ආණ්ඩුවේ වගකීමක්…! – රංජන් ජයලාල්…

December 10, 2023 at 6:12 pm | by emanisa.lk

ඊයේ (09) හවස සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පවසයි.

ඒ සඳහා විදුලි සේවකයින් වගකිව යුතු නැති බවයි, ඔහු සඳහන් කළේ.

මෙවැනි විදුලි බිඳ වැටීම් සිදුවන්නේ නම් විදුලි බල මණ්ඩලය විකුණා දැමීමේ වරදක් නැතැයි ආණ්ඩුව මතයක් හැදීමට උත්සාහ කරන බවට ද රංජන් ජයලාල් චෝදනා කළේය.

තාක්ෂණය දියුණු කාලයක එක රැහැනක් කැඩී රටේ ම විදුලිය විසන්ධි වන විට එය හදා ගන්නට අදානි සමාගමට ලංවීම විකුණා දැමිය යුතු දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසන්නේ විදුලි රැහැනකට විදුලි සැර වැදීම මෙම හදිසි විදුලි බිඳ වැටීමට හේතුව බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *