විදුලිය ගැන නොදන්න කාංචන ගෙදර යවනු…! වැඩ පුළුවන් ඇමැති කෙනෙක් පත් කරනු…! – ජනක…

January 22, 2023 at 8:22 pm | by emanisa.lk

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක් පත් කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

“මම දැක්වා ඊයේ දිනයේ විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් ප්‍රකාශයක් කරනු ලැබුවා මාව මේ උපයෝගිතා කොමිසමෙන් ඉවත් කළ යුතු බව. ඒක එච්චර ලේසි ක්‍රියාවලියක් නොවේ.

වැරැද්දක් තියෙනවා නම් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට සහ මට කරුණු දක්වලා ලිපියක් එවන්න ඕනේ. ඇයි මෙහෙම කරන්නේ කියලා අහන්න ඕනේ. ඒකට මට සාධාරණ කාලයක් දිය යුතුයි හේතු දක්වන්න. ඊටත් පස්සේ තමයි 113 කගේ වැඩි ඡන්දයෙන් සාමාජිකයෙක් හෝ මාව හරි අස්කරන්න පුළුවන් වෙන්නේ. ‌මේක ඉතා විශාල ක්‍රමවේදයක් තියෙන කාර්යයක්.

මම නම් ජනාධිපතිතුමාට යෝජනා කරන්නේ කොමිසමේ සාමාජිකයින් හෝ සභාපතිවරයා ඉවත් නොකර ‌මේ විෂය පිළිබඳ කිසිම අවබෝධයක් නැතිව කටයුතු කරන විෂය භාර ඇමතිතුමාව අයින් කරලා මේ පිළිබඳව හරි අවබෝධයක් තිබෙන ඇමතිවරයෙක් මේකට පත්කරොත් එහෙම අපිට මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන ඉතා සාධාරණව විසඳා ගැනීමේ හැකියාව තිබෙනවා.”

අද (22) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *