විදුලිය කපන්න වුණේ යහපාලනාණ්ඩුව බලාගාර නොහැදූ නිසයි…! – පවිත්‍රා…

March 13, 2022 at 12:42 pm | by emanisa.lk

තමා විදුලි බල අමාත්‍යවරිය ලෙස කටයුතු කළ ආණ්ඩුව 2015 පැරදී ගෙදර ගියේ විදුලි බල මණ්ඩලයට රු. බිලියන 15ක ලාභයක් උපයා දී බව බලශක්ති ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ඇමැතිනිය පෙන්වා දෙන්නේ, එම කාලය තුළ උතුරු නැගෙනහිර ඇතුළු රටේ ජනතාවගෙන් 98%ක් සඳහා විදුලිය ලබා දුන් බවයි.

එහෙත් අනතුරුව බලයට පත් ආණ්ඩුව රටේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා එකදු බලාගාරයක් හෝ ගොඩනොනැඟූ බවයි, පවිත්‍රා වන්නිආරච්චි අවධාරණය කරන්නේ.

වර්තමානයේ රට මුහුණ දී ඇති විදුලි අර්බුදයේ වග උත්තරකරුවන් එම ආණ්ඩුව නියෝජනය කළ පිරිස බව ද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස