විද්‍යෝදය විශ්වවිද්‍යාල බෞද්ධ පදනම ගලවයි… පළමු වතාවට මහ සඟ රුවන නැති පාලක සභාවක්…!

May 20, 2025 at 3:48 pm | by emanisa.lk

බෞද්ධ පදනමක් සහිත විද්‍යෝදය හෙවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සඳහා ඉතිහාසයේ පළමු වතාවට භික්ෂූන් වහන්සේ නමක් නොමැති පාලක සභාවක් පත්කර තිබේ.

1873 හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි විසින් ආරම්භ කළ ලංකාවේ විශිෂ්ටතම අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වූ විද්‍යෝදය පිරිවෙන අනතුරුව 1958 විශ්වවිද්‍යාලයක් බවට පත්විය. එතැන් පටන් එහි පාලක සභාව භික්ෂූන් වහන්සේ නමක් නියෝජනය කළ අතර අවසානයට එහි කටයුතු කළේ ආචාර්ය කිරින්දේ අස්සජී හිමිය.

මෙතෙක් කල් ආණ්ඩු මාරු වන වාරයක් පාසා විශ්වවිද්‍යාල පාලක සභා විසිරු වීමේ සම්ප්‍රදායක් නොපැවති අතර මෙවර සිය පක්ෂයේ නියෝජිතයන් උප කුලපතිවරුන් ලෙසපත්කිරීමේ අරමුණ ඇතිව මෙය සිදුකර ඇතැයි චෝදනා නැඟෙයි.

හේමාස් රෝහල් සමූහයේ සභාපති මුන්ටාසා එසුෆලි ඇතුළු 14 දෙනෙකුන්ගෙන් සමන්විත පාලක සභාවට භික්ෂූන් වහන්සේ නමක් පමණක් නොව මුදල් අමාත්‍යංශ හෝ මහා භාණ්ඩාගාර නියෝජිතයෙක් ද පත් කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස