විගණාකාධිපතිකමට යාළුවෙක් දා ගන්න හදන්නේ කන්ටේනර් වංචාව යට ගහන්න ද…..!

December 16, 2025 at 2:32 pm | by emanisa.lk

විගණකාධිපති තනතුරට තමන්ට හිතවත් සුදුසුකම් නොමැති පුද්ගලයෙක් පත්කර ගැනීමට ජනාධිපතිවරයා සූදානම් වන්නේ තමන් යටතේ ඇති රේගුව විසින් සිදු කළ මහා වංචාව යට ගැසීමට ද නැත්නම් එම වංචනික ක්‍රියාව සාධාරණීකරණය කිරීමට ද යන ප්‍රශ්නය ජනතාවට ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

විගණකාධිපති ධුරය සඳහා සුදුසු නිලධාරීන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින පසුබිමක මාස 08ට වැඩි කාලයක් රටේ ජනාධිපතිවරයාට විගණකාධිපතිවරයෙක් පත් කර ගැනීමට නොහැකි වීම සාධාරණීකරණය කළ නොහැකි බව ද ඔහු ප්‍රකාශ කරයි.

මෙරට විගණකාධිපති තනතුර හිස් වූයේ 2025 අප්‍රේල් මාසයේ 08 වන දා බවත් ඒ හිස් වූ විගණකාධිපති තනතුරට මාස අටක් තිස්සේ සුදුසු පුද්ගලයෙකු පත්කර ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවත් ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙරට මෙතෙක් ආණ්ඩුවක් විසින් සිදුකරපු විශාලතම වංචාව වරායේ කන්ටේනර් 323ක් හොරෙන් එළියට දැමූ මහා වංචාකාරී සිදුවීම සහ සිය හිතවතෙකු විගණකාධිපති ධුරයට පත්කිරීමට දරන උත්සාහය පිටුපස යම්කිසි සහසම්බන්ධයක් තිබෙනවාද යන සැකය මතුවෙන බව ද ලේකම්වරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *