වැලි නැවේ සැප ගන්න ගියා කියන්නේ පස්ස පැත්ත හෝදන්නේ නැති එවුන්…! – සනත් නිශාන්ත…

January 12, 2024 at 6:51 pm | by emanisa.lk

ආන්දෝලනයට තුඩු දුන් කොළඹ වරාය නිරීක්ෂණ චාරිකාව රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර විසින් සංවිධානය කළේ වරායේ සිදුවන ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කරන ලෙස මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

එය මගීන් සැප ගන්නා නැවක් නොව වරායේ වැලි ගොඩ දමන නෞකාවක් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එවැනි චාරිකාවක දී කෑම බීම ගැනීම සාමාන්‍ය දෙයක් වුව ද නොකා නොබී වැසිකිළියට ගොස් පස්ස නොහෝදා අනෙකාට වෛර කරමින් සිටින අයට එය ගැටලුවක් විය හැකි බව ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

සමාජ වෛරය ගොඩනැඟීම සඳහා ඇතැමුන් කිනම් අවලාද නැගුව ද සැප ගැනීමට නම් මෙවැනි වැලි ගොඩදමන නැවක නොයා යා යුතු තැන් බොහෝ ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *