වැලිකන්දේ තරුණිය සියදිවි නසාගෙන…! ගෑස් ටැංකියක් පිපිරූ කතාව බොරු…!

November 26, 2021 at 10:27 pm | by emanisa.lk

කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වැලිකන්ද සඳුන්පිටිය ප්‍රදේශයේ පදිංචි අයේෂා කුමුදුනී නම් කාන්තාව මියගොස් ඇත්තේ ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමකින් නොවන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සිදු කර ඇති විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ සිරුරට ගිනිතබා ගැනීමක් හේතුවෙන් ඇය තුවාල ලබා ඇති බවය. කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *