වැල්ලවාය ප්රදේශයේ පිරවුම්හලක කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 13 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එහි දී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි.
ඊයේ (06) රාත්රියේ එම ඉන්ධන පිරවුම්හලට ලැබුණු ඉන්ධන තොගය බෙදා අවසන්වීමත් සමග පෝළිම්වල රැඳී සිටි ඉන්ධන නොලැබුණු පිරිසක් තමන්ට ද ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් කලහකාරී ලෙස හැසිරී ඇත.