වැඩට එන්න තෙල් නෑ..! අපි වැඩට එන්නේ නෑ..! – සෞඛ්‍ය වෘත්තීය සමිති…

June 28, 2022 at 3:09 pm | by emanisa.lk

ඉන්ධන සපයා ගැනීම හා ප්‍රවාහන කටයුතුවල අපහසුතා සැලකිල්ලට ගෙන හෙට(29) හා අනිද්දා සේවා සඳහා වාර්තා නොකිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් ක්ෂේත්‍ර 08 කට අයත් නිළධාරීන් තීරණය කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, රසායනාගාර ශිල්පීන්, කීට විද්‍යා නිලධාරීන් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක් ඊට ඇතුළත්ය.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ සඳහන් ⁣කළේ, මෙය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස ක්‍රියාත්මක කරන බවයි.

මෙම ගැටලු සම්බන්ධයෙන් නිසි විසඳුමක් හිමි නොවන්නේ නම් ලබන සඳුදා සිට අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වන බව ද අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *