වැටුප් කප්පාදුවට එරෙහිව හෙද සංගම් සටනට…!

February 27, 2025 at 9:35 am | by emanisa.lk

මෙවර අයවැය මඟින් සිය දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) පැයක කාලයක් විරෝධතාවක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවේ නිරත වන බව එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි සඳහන් කරයි.

මෙම විරෝධතාව රෝහල් කටයුතුවලට බාධා නොවන පරිදි සැලසුම් කර ඇති බව ද නාලක හෙතෙම ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *