වැට් බදු අහෝසි කරන කතා දැන් නෑ… මාලිමාණ්ඩුව 18% වැට් 20.5ට උස්සයි…. ඩිජිටල් සේවාත් වැට් බද්දට යටත් කරයි…!

May 3, 2026 at 7:41 pm | by emanisa.lk

ජුලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.

ඒ අනුව ඩිජිටල් වේදිකා මත සපයන සේවා සඳහා වැට් අයකිරීම් ජුලි මස පළමුවෙනිදා සිට සිදු කෙරෙනු ඇත.

බදු අය කරන කාලසීමාව අවසානයේදී අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හෝ සේවා බදු අය කළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන නවයක් ඉක්මවා තිබිය යුතුය.

එමෙන්ම මූල්‍ය සේව මත වන වැට් බදු සියයට 18 සිට සියයට 20.5 දක්වා වැඩිකිරීමට යෝජනා කර තිබේ.

කෙසේ වුවද ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතාවට පොරොන්දු වූයේ ආහාර, සෞඛ්‍යය සහ අධ්‍යාපනය මත පනවා ඇති 18%ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *