වැට් බද්දට මහින්ද ශෂීන්ද්‍ර පක්ෂ වෙයි..! මෛත්‍රී රොෂාන් විරුද්ධ වෙද්දි නාමල් මග හරී…!

December 12, 2023 at 12:29 pm | by emanisa.lk

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු සංශෝධනය ඊයේ (11) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මත විය.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතරයක් පක්ෂ විය. මහින්ද රාජපක්ෂ, ශෂින්ද්‍ර රාජපක්ෂ ද ඊට පක්ෂව ජන්දය ප්‍රකාශ කළ අතර නාමල් රාජපක්ෂ සභා ගර්භයෙන් ඉවතට ගොස් තිබිණි.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගෙන සිටින පිරිසයි.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද සිටියහ.

මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය නිදහස් කරනවාද නැද්ද යන්න තීරණයත් ගැනීමට නියමිතව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *