ජනවාරි මාසයේ දී විදුලි බිල සංශෝධනයක් සිදු කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් උපරිම ධාරිතාවයෙන් ජල විදුලිබලාගාර ක්‍රියාත්මක වන අතර එම වාසිය ජනතාවට ලබා දීම සඳහා මෙම තීරණය ගත් බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.