පොලිස්පති තනතුර සඳහා වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම තමාගේ කැමැත්ත යැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
“මට නම් ඕනෑ පොලිස්පති තනතුරට දේශබන්දු තෙන්නකෝන් පත්වෙනවා දකින්න. ඒකෙ ගැටලුවක් නැහැ. රජය පැත්තෙන් ප්‍රශ්නයක් නැහැ.
හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තියනවා. එයාලා වැඩ කරන විදිහ වෙනස්. ඒ සියලු දෙනා මේ රටේ මේ දැන් කරගෙන යන වැඩපිළිවෙළ කරන්න ඉඩ දෙනවා නම් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කළ යුතුයි. නැතිනම් වෙස් මුහුණක් දාන්න ඕනෑ.”
ලබන 26 වැනිදායින් අවසන් වීමට නියමිත වැඩ බලන පොලිස්පතිවරයාගේ ධුර කාලය සහ ස්ථිර පොලිස්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.