රට වෙනුවෙන් පෙනී සිටීම නිසා තමන් බයියන් හෝ වහලුන් වන්නේ නම් එය ආඩම්බරයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
තම ගෙවල් ගිනි තබා විනාශ කොට පහර දුන්න ද රට වෙනුවෙන් ආරම්භ කළ ගමන නොනවත්වන බව ද හෙතෙම අවධාරණය කළේය.
මේ ගමන ආරම්භ කළේ රට වෙනුවෙන් සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් බවයි, සාගර කාරියවසම් වැඩි දුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කීය.