ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර ආයතනවලින් 2025 වසරේ මුල් මාස හය තුළ රු. බිලියන 227.8ක ලාභයක් උපයා තිබේ.
කෙසේ වුව ද පෙර වසරේ එම කාලයට සාපේක්ෂව එහි ආදායම රු. බිලියන 52.9කින් පමණ පහත වැටී තිබේ.
2024 වසරේ එම කාලය තුළ රු. බිලියන 228.7ක ලාභ උපයා තිබේ. විදුලි බිල පහත දැමීම රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ලාභය මෙලෙස පහත වැටීමට හේතුවක් බව ද සඳහන් වෙයි.
මෙලෙස සමස්ත රාජ්‍ය ව්‍යාපාර ආදායම මෙම වසරේ මුල් මාස හය තුළ රු. බිලියන 227ක ලාභයක් උපයා ගත්ත ද ලංකා විදුලි බල මණ්ඩලය රු. බිලියන 13.2ක ද ශ්‍රී ලංකන් එයාර්ලයින් රු. බිලියන 10.7ක ද දැවැන්ත පාඩුවක් වාර්තා කර ඇත.