කරන්න බැරි නම් ආණ්ඩුව සජිත් මැතිඳුට දෙනු…! අපි කොවිඩ් පාලනය කරලා පෙන්වන්නම්…! – මයන්ත…

August 10, 2021 at 10:47 pm | by emanisa.lk

මේ වන විට ලංකාවේ දිනකට කොවිඩ් රෝගීන් 150-200ක් පමණ මිය යන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පවසන්නේ රජය වසංගතයේ නියම තත්ත්වය ජනතාවට හෙළි නොකරන බව ය.

ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් නොකරන ලෙසත් මේ කාර්ය නිවැරදිව කළ නොහැකි නම් ආණ්ඩුව සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ තම පක්ෂයට ලබා දෙන ලෙසත් තමන් එය සිදුකර පෙන්වීමට සූදානම් බවත් ඔහු අවධාරණය කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් මයන්ත දිසානායක මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස