වරාය පෞද්ගලීකරණය කරන්නේ නෑ… පෞද්ගලික අංශය එක්ක වැඩ කරනවා…! – ඇමති බිමල්…

December 12, 2024 at 7:32 pm | by emanisa.lk

කොළඹ වරාය පෞද්ගලීකරණය කිරීමේ කිසිදු සූදානමක් නැති නමුත් වරායේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඒ, අද (12) අමාතයවරයා කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලබන වසරේ ජුනි 30 වැනිදා වන විට නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු නිමා වීමෙන් පසු එය ද වරාය මෙහෙයුම්වලට සම්බන්ධ වන හෙයින් දැනට වඩා දෙගුණයකට වඩා බහාලුම් මෙහෙයුම් කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට හැක වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ජය බහලුම් පර්යන්තයේ වැඩි දියුණු කළ යුතු අංශ ද දියුණු කර සියලු ප්‍රශ්න කඩිනමින් විසඳගෙන කාර්යක්ෂමතාව සහ වරායේ විශාලත්වය වැඩි කරගැනීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක කියා සිටියේය.

එසේම අදානි සමාගම ද සිය මෙහෙයුම් ආරම්භ කිරීම වැදගත් බවයි, අමාත්‍යවරයා පැවසුවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *