මේ වන විට රටේ ඇත්තේ මුළුමනින් ම බටහිර විසින් මෙහෙයවන ආණ්ඩුවක් වුවත් ඊට මෙතෙක් කිසිදු විකල්පයක් ඉදිරිපත් වී නොමැති බව ආචාර්ය නලින් ද සිල්වා පවසයි.
මේ ආණ්ඩුව වෙනුවට විකල්ප ආණ්ඩුවක් පිහිටුවා ගෙන අපේ ම න්‍යාය පත්රයකට අනුව කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ කිසිවෙකුට හැඟීමක් නොමැති බවයි, ඔහු අවධාරණය කළේ.
මෙම ආණ්ඩුව පවතින්නේ එහි හොඳකම නිසා නොව ඊට විකල්පයක් නොමැති නිසා බව ද නලින් ද සිල්වා සඳහන් කරයි.
එළඹෙන වසරේ මහා මැතිවරණයක් පැවැත්වීමේ ඉඩක් තිබුණ ද ජනාධිපතිවරණයක් නොපවත්වනු ඇති බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.