වර්ජිත වෘත්තීය සමිති නායකයින් වත්කම් බැරකම් සඟවයි…!

April 2, 2023 at 2:54 pm | by emanisa.lk

පසුගිය දා වැඩ වර්ජනයට සහභාගී වූ කිසිදු වෘත්තීය සමිති නායකයෙක් සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කර නොමැති බව හෙළි වී තිබේ.

වත්කම් බැරකම් පනත අනුව වෘත්තීය සමිති නායකයන් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුතුය.

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකයන් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ 1975 වත්කම් බැරකම් පනත අනුව ඉදිරිපත් කළ යුතු වේ.

කම්කරු අමාත්‍යාංශ ලේකම් සහ කම්කරු කොමසාරිස් ජනරාල් එක්ව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *