වමේ බලවේගයෙන් 75%ක් ඇල්ලුවා..! ඉතිරි 25%ත් ඉක්මනින් අල්ල ගන්නවා..! – කුමාර වෙල්ගම..

September 30, 2022 at 10:54 am | by emanisa.lk

මෙරට දේශපාලනයේ මතුව ඇති රික්තය තුළ වමේ බලවේගයේ හතරෙන් තුනක් සිය පක්ෂය මේ වන විටත් අල්ලා අවසන් බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.

ඉතිරි කොටසත් ඉදිරියේ දී අල්ලා ගන්න බවත් කී කුමාර වෙල්ගම, පසුගියදා හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණි පිරිස දෙස බැලීමේ දී එය සක්සුදක් දේ පැහැදිලි වන බවත් කීවේය.

නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඊයේ (29) එම අදහස් පළකළේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති එකී පක්ෂයේ අභිනව ආසන සංවිධායකවරුන්, ආසන සම්බන්ධීකාරකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කිරීමේ උත්සවයේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *