මෙරට ජලය විදේශයන්ට අපනයනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශීය විනිමයක් උපයා ගත හැකි බව බව ද ඇමතිවරයා පැවසීය.
මේ වන විට ජපානය හා ප්‍රංශය ලෝක වෙළඳපොළට ජලය සපයා විශාල ආදායමක් ලබන බව ද ඇමතිවරයා කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ දී පැවති උත්සවයක් අමතමිනි.