වටගලගේ බූරුවා ගැන නලින්ද කනගාටු වෙයි…!

February 21, 2025 at 9:08 am | by emanisa.lk

ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණ මැදිරියක විත්ති කූඩුවක් තුළ ඝාතනයට ලක්වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ආපසු යන මොහොතේ සිය රියදුරාට “බූරුවා” යනුවෙන් ඇමතීම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචනයට ලක්ව තිබිණි.

මේ ගැන ඊයේ (20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද ප්‍රශ්න කෙරුණු අතර එහිදී කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිය කනගාටුව පළ කළේය.

“ඒ කලබලකාරී ආතතිගත තත්වය තුළ පවා නියෝජ්‍ය ඇමතිවරයාගේ කටින් පිටවුණ වචන සම්බන්ධයෙන් මම කණගාටුව ප්‍රකාශ කරනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *