වචනවල හිරවෙලා රට හදන්න බෑ… බාල ගල් අඟුරු ගෙනාවේ නෑ…. ගෙනා ගල් අඟුරු බාල වුණා…! – කෝප් සභාපති…

April 22, 2026 at 11:56 am | by emanisa.lk

දේශපාලන වචනවල හිර නොවන ලෙස රටේ සිටින බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එසේ කළහොත් මේ රට කිසි දිනයක ගොඩනැඟීමට නොහැකි වන බවත් කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර පවසයි.

බාල ගල් අඟුරු ගෙන ආ බවට ආණ්ඩුවට චෝදනා කළද වර්තමාන ආණ්ඩුව හෝ පෙර පැවති ආණ්ඩු හෝ බාල ගල් අඟුරු ගෙන ආවේ නැති බව හෙතෙම අවධාරණය කරයි.

එහෙත් ගෙන ආ ගල් අඟුරු බාල වී ඇති බවත් ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේදය නිවැරදි නම් කිසිවෙකු වැරදිකරුවෙකු නොවන බවද කෝප් සභාපති පෙන්වා දෙයි.

ගල් අඟුරු ආනයනය තෝරාගත් සමාගම්වලට නොදී තම මිතුරු සමාගම්වලට ලබා දී ගල් අඟුරුත් බාල වූ අවස්ථා ඕනෑ තරම් ඇති බවද නිශාන්ත සමරවීර ප්‍රකාශ කරයි.

ස්වාධීන රූපවාහිනි වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *