මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ ගියද මෙරට ඉන්ධන මිල පහළ දැමීමට හැකියාවක් නොමැති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
“අපිට ඉදිරියේදී එන්න තියෙන්නේ කලින් මාසවල ගත්ත ඒවා. ඒ අනුව තමයි මිල තීරණය වෙන්නේ. ඉදිරියට පරිභෝජනය කරන්න තියෙන්නේ අපි වැඩි මිලට ගත්ත ඒවා ටික.
අඩු මිලේ ඒවා ඉදිරියේදී තමයි අපිට ලබාගන්න වෙන්නේ. ඒකට යම් කාල පමාවක් යාවි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මිල අඩු වේවි කියලා.
ඒ අනුව, මේ දැන් ලබා දී තිබෙන සහනය අයින් නොකර මේ මිලේම පවත්වා ගැනීම හෝ මිල අඩු කිරීම ඉදිරියේදී සලකා බලනවා.”
රටේ ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.