ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වෙලත් නෑ… අපට තෙල් මිල අඩු කිරීමේ හැකියාවකුත් නෑ…! – තෙල් සංස්ථාව…

June 23, 2026 at 10:23 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන මිල ගණන්වල විශාල වෙනසක් කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසයි.

“ලෝක වෙළඳපොළේ මිල පහළට පැමිණෙමින් තිබුණා. නමුත් පසුගිය සිකුරාදා දිනයේදී ලෝක වෙළඳපොළේ පෙට්‍රල් සහ ඩීසල් දෙකේම මිල වැඩිවුණා. එතකොට එක දිගටම මිල අඩුවීමේ සම්භාවිතාවක් නෙවෙයි තියෙන්නේ, නැවතත් වැඩිවෙමින් තියෙනවා.

මේ වෙනකොට නැවතත් ඩීසල් සහ පෙට්‍රල් කියන දෙකේම මිල යුද්දෙට කලින් තිබුණු මිල දක්වා පහතට වැටිලා නැහැ. එතකොට වැඩි මිලකට තමා තියෙන්නෙ. දැනට තියෙන මිලේ ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා ලෝක වෙළඳපොළේ මිල ගණන් එක්ක පේන්න නැහැ.”

තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මේ බව පැවසුවේ ඊයේ (22) මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *